Friday, January 31, 2025

General line - 0115112241

හිටපු ජනාධිපත්වරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම ස්ථිරයි - බිමල්ගෙන් ප්‍රකාශයක්

නිරෝෂන්




ආනයන බහාලුම් 323ක් මුදා හැරියේ රේගුවේ පවතින නිසි ක්‍රමවේදයකට අනුව බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. 

අමාත්‍යවරයා පැවසුවේ බහාලුම් නිශ්කාෂනය කර වරායෙන් මුදාහැරීමේ ගැටලුව මේ වන විට විසඳමින් සිටින බවයි.  

මේ අතර, ආනයන බහාලුම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පිළිබඳ පැහැදිලි කරමින් ශ්‍රී ලංකා රේගුව විසින් ද මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබුණා.

හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන වරප්‍රසාද ඉවත් කිරීම කුමන බලපෑම් පැමිණියද ඒ සම්බන්ධයෙන් රජයක් ලෙස ඉදිරියේදී දැඩි තීරණ ගැනීමට සිදු වන බවද අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවා. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍යායතනයේ විශේෂ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින්.