ලංකා සතොස ආයතනය මගින් ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 05ක විශේෂ මිල අඩු කිරීමක් සිදුකර තිබෙනවා.
මහජනතාවට සහන සැපයීමේ අරමුණින් වෙළඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදි මෙම තීරණය ගත් බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ අනුව, නව මිල අනුව ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභොගිකයින්ට අද දින සිට ලබාගත හැකි වනවා.
ඒ අනුව ආනයනික ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 220ක්.
පාන් පිටි කිලෝවක් රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 165ක් ලෙසයි.
සුදු සීනි කිලෝවක් රුපියල් 05කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 235ක්.
රතු පරිප්පු කිලෝවක් රුපියල් 03කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 285ක් වනවා. ආනයනික සුදු කැකුළු කිලෝවක් අද සිට අලෙවි වන්නේ රුපියල් 209කටයි.