Friday, January 31, 2025

General line - 0115112241

ජනාධිපති හා ජාතික වෘත්තීය සමිති අතර සාකච්ඡාවක්




ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට අනුබද්ධ වෘත්තීය සමිති සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. 

ඒ, ඉදිරි අයවැය සහ රජයේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳවයි. අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාව සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ. 

එම සාකච්ඡාවේදී වත්මන් රජයේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව සහ ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සිදුවන සහන පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. 

ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සහන ලබාදීම වෙනුවට මුලික වැටුප වැඩිකිරීම සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් වූ බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා වැඩිදුරටත් පැවසුවේ.