Sunday, February 2, 2025

General line - 0115112241

සුඩානයේ වෙළෙඳ සංකීර්ණයකට ප්‍රහාරයක් - 56ක් මරුට




සුඩානයේ වෙළෙඳ සංකීර්ණයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 56 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ප්‍රහාරය සුඩාන ඕම්ඩුර්මන් වෙළෙඳ සංකීර්ණයට එල්ල වී ඇති අතර ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 158 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ 

මෙම ප්‍රහාරය සුඩාන ආර් එස් එෆ් කණ්ඩායම  එල්ලකර ඇති බවත්  ප්‍රහාරය ජාත්‍යන්තර මානුෂීය නීති පවා උල්ලංඝනය කරමින් සිදුකළ එකක් බවයි සුඩාන රජය චෝදනා කරන්නේ 

ජීවිතක්ෂයට පත්වූ පිරිස අතරට කුඩා දරුවන් හා කාන්තාවන් රැසක් අයත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

ප්‍රහාරයෙන් අනතුරුව ආර් එස් එෆ් කණ්ඩායමේ සාමාජිකයින් වෙඩි තැබීම් සිදුකර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරන්නනේ.