වී සඳහා මෙතෙක් සහතික මිලක් නියම කිරීමට රජය අපොහොසත් වී ඇති බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කුරුණෑගල, මැල්සිරිපුර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ගොවින්ට සාධාරණය ඉටුවිය හැකි සහතික මිලක් රජය හැකි ඉක්මනින් ප්‍රකාශයට පත් කළ යුතු බවයි.
ජනතාවට ලබාදුන් පොරොන්දු අමතක කරමින් වර්තමාන රජය දේශපාලන බලය රැකගැනීම වෙනුවෙන් විපක්ෂයට අසත්‍ය චෝදනා එල්ල කරමින් සිටින බවයි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.