Sunday, February 2, 2025

General line - 0115112241

වී සඳහා වන සහතික මිළ ගැන සජබයේ ප්‍රබලයෙක්ගෙන් අනාවරණයක්




ජනතාවට සහන ලැබිය හැකි අයවැයක් වර්තමාන රජය ඉදිරිපත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසනවා. 

ඔහු පැවසුවේ වර්තමාන රජයේ වැඩපිළිවෙලට බාධා නොකර ඔවුන්ගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් ලබාදිය යුතු බවයි.


විපක්ෂය කුමන චෝදනා එල්ල කළත් ආණ්ඩුව සිදු කරගෙන යන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව වැවිල සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. 

අමාත්‍යවරයා පැවසුවේ සියලුම ජනතාවට සහන ලබාදිය හැකි වැඩපිළිවෙලක් මේ වන විටත් රජය විසින් ක්‍රියාත්මක කරමින් පවතින බවයි.


ජනතාවගේ ජීවන වියදම දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. 

ඔහු පැවසුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරනවා සේම ජනතාවට සහන ලබාදිය හැකි වැඩපිළිවෙලක් ද රජය විසින් ක්‍රියාත්මක කළ යුතු බවයි.



ගොවීන්ට වී සඳහා සහතික මිලක් ලබාදීමේ දී වැයවන මුදල් සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයක් සිදුකර රජය විසින් සහතික මිලක් ප්‍රකාශයට පත්කළ යුතු බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පැවසුවේ.