නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ වියළි ඉඟුරු තොගයක් සහ පාවහන් තොගයක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
ඒ, නාවික හමුදාව විසින් නොරොච්චෝලේ ආලන්කුඩා මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.
එහිදී නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 496ක පමණ තොගයක් සහ පාවහන් යුගල් 515ක පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
එම සැකකරුවන් අවුරුදු 33 සහ 46 වයස්වල පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා, වියළි ඉඟුරු තොගය, පාවහන් තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.