සියලු පුරවැසියන් නීතියට යටත් වන රජයක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.
කුරුණෑගල ප්‍රදේශයේ පැවති සුහද හමුදවකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ පුද්ගලයන් අනුව නීති ක්‍රමවේදයන් වෙනස්විය නොහැකි බවයි.
පසුගිය කාලයන්වලදී සිදුකල වංචා හා දූෂණ සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ.
දේශපාලන පලිගැනීමකින් තොරව සියලුම විමර්ශන කටයුතු පොලිසිය විසින් නිසි ආකාරයෙන් සිදුකරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.