ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යාපනය ප්‍රදේශයේ කළ සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා භාවිතා කල බවට සංසරණය වන අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා
එම නිවේදනයෙන් දැක්වෙන්නේ එම සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා භාවිතා නොකල බවත් එම සංචාරය සඳහා සිය නිල මෝටර් රථයෙන් ගමන් කල බවයි.
මේ හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තොරතුරු සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ
එම නිවේදනය පහතින්