Friday, December 27, 2024

General line - 0115112241

පොල් දිනය ලොකුවට සමරන්න රජය සැරසෙයි




එළඹෙන සැත්තැම්බර් 02 වැනි දිනට යෙදෙන ජාත්‍යන්තර පොල් දින සැමරුම කථානායක කරු ජයසුරියගේ ප්‍රධානත්වයෙන් කථානායක නිළ නිවස පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

මේ නිමිත්තෙන් ඉදිරි මාස 04 තුළ නව පොල්පැල ලක්ෂ 25 ක් රෝපනය කිරීමේ ව්‍යාපෘතිය අරඹමින් එම වැඩසටහනේ පළමු පොල්පැලය කථානායක කරු ජයසුරියගේ අතින් එදින පෙරවරු 7.30 ට රෝපනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ඊට සමගාමීව එදින පෙරවරුවේ රට පුරා එකම මොහොතක ස්ථාන 40 කදී පොල් පැල 20000 ක් සිටුවීම සිදු කරනු ඇති.

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, පොල්වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවලගේ මෙහෙයවීම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.