Friday, December 27, 2024

General line - 0115112241

ඇමතිවරු දෙන්නෙක් හැලෙයි




ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් මිලියන 142 ක පාඩුවක් සිදු කළ බව කියන නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි, දැනට අමාත්‍ය ධූර දරන සුසිල් පේ‍්‍රමජයන්ත් සහ අනුර පි‍්‍රයදර්ශන යාපා විත්ති ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ලංකා ගමනාගමන මණ්ඩලය මෙම තීරණය අද (30) ප‍්‍රකාශයට පත් කළේ සිද්ධියට අදාළ නඩුව කොළඹ වාණිජ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි.

2015 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු සඳහා ලංගම බස් රථ යොදා ගැනීමෙන් මෙම පාඩුව සිදුකර තිබූ බවටයි අදාළ නඩුව ගොනුකර තිබුණේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සංශෝධිත පැමිණිල්ලක් ගොනු කරමින් ලංකා ගමනාගමන මණ්ඩලය දන්වා සිටියේ හත්දෙනෙකුගෙන් යුත් විත්තිකරුවන්ගේ ලැයිස්තුවෙන් ඉහත අමාත්‍යවරුන් ඉවත් කරන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මෙම නඩුවේ විත්තිකරුවෙක්. මීට අමතරව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයද මෙම නඩුවේ විත්තියේ පාර්ශ්වකරුවන් වනවා. මෙම පෙත්සමට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා නොවැම්බර් මස 22 වැනිදාට කල් තැබුණා.