වවුනියාව කනගරායන්කුලම, කුරිසුට්ටිකුලම් අම්මාන් කෝවිල සීමාවේ පැවති බුදු මැදුරේ බුදුපිළිම කඩා දැමීමෙන් අනතුරුව නැවත බුදු මැදුර වෙත බුදුපිළිම වහන්සේ වැඩම කරවීම ඊයේ (31) සිදු වුණා.
සිංහලේ ජාතික බලමුළුවේ මහ ලේකම් අරඹේපොල රතනසාර ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් එම කටයුතු සිදුකෙරුණා.
බුදු මැදුර වෙත බුදුපිළිම වහන්සේ යළි වැඩම කිරීම සඳහා කුරිසුට්ටිකුලම් අම්මාන් කෝවිලේ පූජකතුමන්ගේ හා ප්රදේශවාසීන්ගේ සහයෝගයද ලැබී තිබුණා.