පුද්ගලයින් දෙදෙනෙකුට මරු කැඳවූ රිය අනතුරකට සම්බන්ධ පුද්ගලයෙකුට ඇප ලබාදීමට විරෝධය පළ කරමින් බද්දේගම හික්කඩුව ප්රධාන මාර්ගයේ ගෝනපීනුවල ප්රදේශයේදී අද (23) දහවල් විරෝධතාවක් පැවැත්වුණා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් බද්දේගම හික්කඩුව ප්රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට ද බාධා එල්ල වූ බවයි.
අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරා 17 හැවිරිදි අයෙක්.
ඔහුට රිය ධාවන බලපත්රයක් නොමැති බවයි උද්ඝෝෂකයින් කියා සිටියේ.