වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකිරිම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂකයකු හා ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර්වරයකු වු නෙවිල් වන්නිආරච්චිට නඩු පහකට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද (28) ඇප නියම කළා.
එක් නඩුවකට රුපියල් දසදහස බැගින් මුදල් ඇපයක් ද ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් ද නියම කෙරුණා.
නඩුව ජනවාරි 13 වැනි දා යළි කැඳවනු ඇති.