කැළෑ ගිනි තැබීම් සහ කුඹුරු ගිනි තැබීම් සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන්නැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත අද (29) උපදෙස් ලබාදුන්නා.
ඒ, පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේදී පැවති ‘‘පිබිදෙමු පොළොන්නරුව ’’ ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින්.
කුඹුරු ගිනි තබන්නන්ට පොහොර සහනාධාරය නොදීමේ පරණ නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපතිවරයා සඳහන් කළා.
මේ අතර පවතින නියඟය හේතුවෙන් පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ජනතාවට අවශ්‍ය පරිදි පානීය ජලය ලබාදීමට ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ගෙන් කරුණු විමසා සිටියා.