Saturday, November 16, 2024

General line - 0115112241

යූ ආර් අ ලීඩර් 10 වන අදියර අද බියගමදී




නෙත් එෆ් එම් රේඩියෝව නෙත් නිවුස් සන්නාමය යටතේ සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ්‍ය සංවර්ධන තවත් වැඩසටහනක් අද (30) ආරම්භ වනවා. ඒ, බියගම මධ්‍ය මහා විද්‍යාලයේදීයි.

ඉහළ ශ්‍රේණිවල දරු දැරියන් වෙනුවෙන් පැත්වෙන දේශණයක්, තෝරාගත් දරුදැරියන් සිය දෙනෙකුගේ කණ්ඩායමක් වෙනුවෙන් පැවැත්වෙන දෙදින නේවාසික කඳවුරක්, ගුරුවරුන් වෙනුවෙන් පැවැත්වෙන දේශණයක් සහ මව්පියන් වෙනුවෙන් පැවැත්වෙන දේශණයක්ද මෙම වැඩසටහනට ඇතුළත් වනවා.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වන දරු දැරියන්ගේ මව්පියන් වෙනුවෙන්ද දේශණයක් පැවැත්වීමට නියමිතයි.

ලබන ඉරිදා දහවල් එකට ආරම්භ වන මෙම දේශණයට බියගම මධ්‍ය මහා විද්‍යාලයේ මව්පියන්ට පමණක් නොව උනන්දුවක් දක්වන ඕනෑම මවකට හෝ පියෙකුටද සහභාගිවීමට අවස්ථාව තිබෙනවා.

යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ්‍ය සංවර්ධන වැඩසටහන සඳහා පාසල් තෝරා ගැනෙන්නේ නෙත් නිවුස් වෙත ලැබුණු අයදුම්පත් දහස් ගණනක් අතරින්.

දංකොටුව, යටියන්තොට, මොරටුව, කොළඹ, වේයන්ගොඩ, රත්නපුර, කෑගල්ල – පිංදෙණිය සහ ගාල්ල – හපුගල යන ප‍්‍රදේශයන්හි තෝරාගත් පාසල්වල මීට පෙර මෙම වැඩසටහන සංවිධාන කෙරුණා.

බියගම මධ්‍ය මහා විද්‍යාලයේදී අද (30) ආරම්භ වන්නේ මෙහි 10 වන්නැයි.