Saturday, November 16, 2024

General line - 0115112241

මහින්දගේ දුරකථනයත් ටැප් කළ බවට ප්‍රකාශයක්




තමන්ගේ දුරකථනයට ද රහසේම සවන් දෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් අමාත්‍යවරුන්ගෙන්  තමන් කතා කළේද යන්න විමසා තිබීමෙන්  එය පැහැදිලි වන බවයි.

ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් ආයතනයේ අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඉඩ හැරීම මගින් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කළැයි අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පෙනී සිටි අවස්ථාවට සහභාගී වෙමින් අධිකරණ අසළ දී ඔහු මේ බව සඳහන් කළා.