ඇඹිලිපිටිය මොරකැටිය ප්රදේශයට අද (30) දහවල් වන අලින් දෙදෙනෙකු කඩා වැදීමත් සමග ප්රදේශයේ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති වුණා.
නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මිය ගිය අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.
වන අලි පහරදීමෙන් නිවාස කිහිපයකට ද සුළු අලාභ හානි සිදුව තිඛෙනවා.
ගම්වැදී සිටින වන අලින් පලවා හැරීම සඳහා වන ජීවි නිලධාරීන් මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි නෙත් නිව්ස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.