ජාතික මහා කී‍්‍රඩා උළෙලක උස පැනීම පිරිමි ඉසව්වේ රන් පදක්කම පිට පිටම 7 වැනි වරටත් දිනා ගැනීමට දකුණු පළාතේ මංජුල කුමාර අද පස්වරුවේ සමත් වුණා.
එ් යාපනය දොරේඅප්පා කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන 42 වන ජාතික මහා කී‍්‍රඩා උළෙලේදීයි.
මංජුල දැක් වූ දක්ෂතාව මීටර් 2 යි සෙන්ටිමීටර් 16ක්.
පිරිමි උස පැනීමේ ඉසව්වේ රිදී පදක්කම දකුණු පළාතේම බී.ආර්.අයි.යූ. කුමාර දිනා ගත්තේ මීටර් 02 යි 04 ක දක්ෂතාවක් වාර්තා කරමින්.
ලෝකඩ පදක්කම උතුරු මැද පළාතේ එ්.කේ. පතිරණ දිනා ගත්තා.