Sunday, January 12, 2025

General line - 0115112241

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් දෙදින කඳවුරේ අවසන් දිනය අද (UPDATE)




බියගම මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ අද (02) අවසන් දිනයයි.

ඊයේ (01) රාත‍්‍රියේ ද ඊට සහභාගී වූ සිසුන්ට සුවිශේෂි අත්දැකීම් රැසක් විඳ ගැනීමේ අවස්ථාව හිමි වුණා.

ඒ පිළිබඳ සකස් කළ වාර්තාවක් පහතින් දැක්වෙයි.

මෙම වැඩසටහනට සමගාමීව පවත්වන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන්ගේ දෙමව්පියන් සඳහා වන විශේෂ වැඩසටහනක් පස්වරු එකට ආරම්භ වීමට නියමිතයි. මේ සඳහා බියගම මධ්‍ය මහා විද්‍යාලයේ මව්පියන්ට පමණක් නොව උනන්දුවක් දක්වන ඕනෑම මවකට හෝ පියෙකුටද සහභාගිවීමට අවස්ථාව තිබෙනවා.

dsc01459 dsc01461 dsc01463 dsc01465 dsc01493 dsc01496 dsc01508 dsc01515 dsc01517 dsc01526


නෙත් නිවුස් යූ ආර් අ ලීඩර්  දෙදින කඳවුර සාර්ථකව

(Oct 1, 2016 @ 15:45)

නෙත් නෙත් නිව්ස් සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ දෙදින නේවාසික කදවුර අද (01) අලුයම බියගම මධ්‍ය මහා විද්‍යාලයේදී ආරම්භ වුණා.

දරුදැරියන් සිය දෙනෙකුගේ කණ්ඩායමක් මේ සඳහා දැඩි උද්යෝගයකින් සහභාගි වී සිටිනවා.

අද පෙරවරු 5.30ට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ඔවුන් සඳහා කායික ව්‍යායාම් වැඩසටහනක් පැවැත්වුණා. ඉන් අනතුරුව භාවනා වැඩසටහනක් සහ මානසික සෞඛ්‍ය වර්ධනය කිරීමේ වැඩසටහනටද ශිෂ්‍යයන් දැඩි උද්යෝගයකින් සහභාගී වූ බවයි නෙත් නිව්ස් මාණ්ඩලික වාර්තාකරු පැවසුවේ.

මේ අතර නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනට සමගාමීව පවත්වන තවත් විශේෂ සම්මන්ත‍්‍රණයක් හෙට (02) පැවැත්වෙනවා.

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පෙනී සිටින දරු දැරියන්ගේ දෙමව්පියන් සඳහා මෙම වැඩසටහන සංවිධාන කර තිබෙනවා.

ඊට සහභාගිවීමට රුචිකත්වයක් දක්වන බියගම මධ්‍ය මහා විද්‍යාලයේ හෝ ඒ අවට සිටින ඕනෑම දෙමව්පියෙකුට ඊට සහභාගි විය හැකියි. හෙට දහවල් 1.00ට එය ආරම්භ කෙරෙනවා.

dsc01348 dsc01361

dsc01366 dsc01372 dsc01387 dsc01389 dsc01412 dsc01424 dsc01433 dsc01438

……………………………………………………………………

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර්  දෙදින කඳවුර අද බියගම මධ්‍ය මහා විද්‍යාලයේදී 

Oct 1, 2016 @ 08:18

නෙත් එෆ් එම් රේඩියෝව නෙත් නිවුස් සන්නාමය යටතේ සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ්‍ය සංවර්ධන තවත් වැඩසටහනක් ඊයේ (30) ආරම්භ වුණා. ඒ, බියගම මධ්‍ය මහා විද්‍යාලයේදීයි.

එහිදී විද්‍යාලයීය ඉහළ ශ්‍රේණිවල සිසු සිසුවියන් 500 දෙනෙකු සදහා දේශනයක්,විද්‍යාලයීය ආචාර්යය මණ්ඩලය සදහා දේශනයක් හා සියළු සිසු සිසුවියන් සදහා චිත්‍ර හා ගද්‍ය රචනා තරගයක් පැවැත්විණ.

එමෙන්ම සිසු සිසුවියන් වෙනුවෙන් හඩ පරීක්ෂණ ද පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

විද්‍යාලයේ තෝරාගත් සිසුන් සිය දෙනෙකු සහභාගී වන දෙදින පුහුණු කඳවුර අද උදෑසන ආරම්භ කෙරුණා.

මේ අතර නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනට සමගාමීව පවත්වන තවත් විශේෂ සම්මන්ත්‍රණයක් හෙට පැවැත්වෙනවා.

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පෙනී සිටින දරු දැරියන්ගේ දෙමව්පියන් සදහා මෙම වැඩසටහන සංවිධාන කර තිඛෙනවා.

ඊට සහභාගිවීමට රුචිකත්වයක් දක්වන බියගම මධ්‍ය මහා විද්‍යාලයේ හෝ ඒ අවට සිටින ඕනෑම දෙමව්පියෙකුට ඊට සහභාගි විය හැකිියි. හෙට දහවල් එකට එය ආරම්භ කෙරෙනවා.

14440882_1765133870369874_7906781551384488180_n

14441196_1765134510369810_1231217566544973983_n

14449962_1765134057036522_4512918723405971115_n

14462841_1765133873703207_6432018291888964791_n

14462947_1765134330369828_2501144522052547445_n

14470650_1765134477036480_7025611533164289284_n

14479627_1765134130369848_4228884309943885174_n

14485093_1765134473703147_2096390385660445428_n

14519735_1765134147036513_2443927153389041979_n

14522751_1765134150369846_6420814530117003033_n

45646546

—————————————————————————————————

යූ ආර් අ ලීඩර් 10 වන අදියර අද බියගමදී

Sep 30, 2016 @ 07:00

නෙත් එෆ් එම් රේඩියෝව නෙත් නිවුස් සන්නාමය යටතේ සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ්‍ය සංවර්ධන තවත් වැඩසටහනක් අද (30) ආරම්භ වනවා. ඒ, බියගම මධ්‍ය මහා විද්‍යාලයේදීයි.

ඉහළ ශ්‍රේණිවල දරු දැරියන් වෙනුවෙන් පැත්වෙන දේශණයක්, තෝරාගත් දරුදැරියන් සිය දෙනෙකුගේ කණ්ඩායමක් වෙනුවෙන් පැවැත්වෙන දෙදින නේවාසික කඳවුරක්, ගුරුවරුන් වෙනුවෙන් පැවැත්වෙන දේශණයක් සහ මව්පියන් වෙනුවෙන් පැවැත්වෙන දේශණයක්ද මෙම වැඩසටහනට ඇතුළත් වනවා.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වන දරු දැරියන්ගේ මව්පියන් වෙනුවෙන්ද දේශණයක් පැවැත්වීමට නියමිතයි.

ලබන ඉරිදා දහවල් එකට ආරම්භ වන මෙම දේශණයට බියගම මධ්‍ය මහා විද්‍යාලයේ මව්පියන්ට පමණක් නොව උනන්දුවක් දක්වන ඕනෑම මවකට හෝ පියෙකුටද සහභාගිවීමට අවස්ථාව තිබෙනවා.

යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ්‍ය සංවර්ධන වැඩසටහන සඳහා පාසල් තෝරා ගැනෙන්නේ නෙත් නිවුස් වෙත ලැබුණු අයදුම්පත් දහස් ගණනක් අතරින්.

දංකොටුව, යටියන්තොට, මොරටුව, කොළඹ, වේයන්ගොඩ, රත්නපුර, කෑගල්ල – පිංදෙණිය සහ ගාල්ල – හපුගල යන ප‍්‍රදේශයන්හි තෝරාගත් පාසල්වල මීට පෙර මෙම වැඩසටහන සංවිධාන කෙරුණා.

බියගම මධ්‍ය මහා විද්‍යාලයේදී අද (30) ආරම්භ වන්නේ මෙහි 10 වන්නැයි.