බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාරගේ උපන්දිනය ලෝක ළමා දිනය යෙදී තිබෙන අද (01) දිනට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් මාලඹේ ශ්‍රී රාහුල බාලිකා විද්‍යාලයේදී සංවිධාන කර තිබුණා.
“හොඳම දේ දරුවන්ටයි” යනුවෙන් පැවති එම සැමරුම් වැඩසටහනට පෙර පාසල් ළමුන් 1500ක් පමණ සහභාගී වූ බවයි පැවසෙන්නේ.
ජගත් කුමාර මන්ත්‍රීවරයා සිය උපන්දින කේක් කැපීම එම පාසලේම සිදු කිරීම විශේෂත්වයක්.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සහභාගී වී සිටියා.