Sunday, January 12, 2025

General line - 0115112241

“සාර්ක් සමුළුව බිඳ දමන්න ලංකාවත් එකතු වෙලා”




ඉන්දියාව සහ පාකිස්තානය අතර නිර්මාණය වී ඇති විරසකය කලාපීය දේශපාලනයේ ස්ථාවරත්වයට ද බලපෑමක් බව ආචාර්ය දයාන් ජයතිලක පවසනවා.

මෙම තත්ත්වය දෙරට අතර න්‍යෂ්ටික ගැටුමක් දක්වා දුරදිග යාමට ද හැකි වාතාවරණයක් නිර්මාණය වී ඇති බවයි ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දෙන්නේ.

ඉන්දියාව සහ පාකිස්තානය න්‍යෂ්ටික බලවතුන් ලෙස තවමත් නවක අවදියක පසුවීම තවත් අවදානම් තත්වයක් බවයි ආචාර්ය දයාන් ජයතිලක වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

කලාපීය ප‍්‍රබලයන් දෙදෙනාගේ මෙම ගැටළුකාරී තත්ත්වය පවතින සමයේ, සාර්ක් සමුළුව කල් දැමීම අවාසිදායක බව ද ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දුන්නා. සාර්ක් සංවිධානයට මෙම ගැටළුව සඳහා මීට වඩා මැදිහත්වීමක් සිදු කිරීමේ හැකියාව තිබූ බවත් පැවසුවා. ලංකාවේද සහභාගීත්වයෙන් මෙවර සාර්ක් සමුළුව බිඳ දැමීම අනුවන ක්‍රියාවක් බවත් පැවසුවා.