Sunday, January 12, 2025

General line - 0115112241

නවසීලන්ත ව්‍යාපාරික ප‍්‍රජාවට අගමැතිගෙන් ඇරයුමක්




නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර වෙළඳ සහ ව්‍යවසාය මධ්‍යස්ථානයේ පැවති ශ‍්‍රී ලංකා – නවසීලන්ත ව්‍යාපාරික කවුන්සිලය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම සාමාජිකයන්ට විශේෂ ඇරයුමක් කළා.

ඒ, ඉන්දීය සාගරයේ මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වන ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ අවස්ථාව උදා කර ගන්නැයි ශ‍්‍රී ලංකා හා නවසීලන්ත ව්‍යාපාරික ප‍්‍රජාව හමුවේ ප‍්‍රකාශයක් කරමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියට යාමට නම් කුඩා වුවද මහා පරිමාණ වුවද නව ආර්ථික වෙළඳපොල ජය ගැනීම හා නව නිෂ්පාදනයන් හඳුන්වාදීම අවශ්‍ය වන බවයි.

නවසීලන්තයේ තෙදින නිල සංචාරය සඳහා ශක්තිමත් දූත පිරිසක් සමග තමන් පැමිණියේ දෙරට අතර වාණිජ හා කර්මාන්ත කටයුතු පුළුල් කිරීමේ අවස්ථාවක් පිළිබඳව සොයා බැලීම සඳහා බවද රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියා.

දෙරටේ ස්ථාපිත කිරීමට නියමිත මහ කොමසාරිස් කාර්යාලය මගින් මෙම වැඩපිළිවෙල තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයා හැකි බව තමන් විශ්වාස කරන බවද ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. කෘෂිකර්මාන්ත, ධීවර, සත්ව නිෂ්පාදන හා සංචාරක ක්ෂේත‍්‍ර පිළිබඳ නවසීලන්තයේ නව තාක්ෂණය ශ‍්‍රී ලංකාව ලබාගත යුතු ආකාරය පිළිබඳව ද අග‍්‍රාමාත්‍යවරයා මෙහි දී කරුණු පැහැදිළි කළ බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

b37a1273 b37a1276 b37a1282 b37a1284 b37a1287ranil 01b37a1298 b37a1301