Saturday, November 16, 2024

General line - 0115112241

උතුරු මහඇමති සමාප්ති උළෙලට එනවලු




42 වන ජාතික මහා ක‍්‍රීඩා උළලේ සමාප්ති උත්සවය අද (02) පස්වරුවේ වැත්වෙනවා.

දිනමු – දිනවමු යන්න තේමා කරගත් 42 වන ජාතික මහා ක්‍රීඩා උළෙල යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණේ ඉකුත් 29 වැනිදායි.

ජාතික මහා ක්‍රීඩා උළෙලක් සඳහා උතුරු පළාත සත්කාරකත්වය ලබාදුන්නේද ප්‍රථම වරටයි.

මෙහි සමාරම්භක අවස්ථාවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සහභාගීවීම වර්ජනය කර තිබුණා. එහෙත් එහි සමාප්ති උළෙල සඳහා ඔහු එක් වීමට නියමිත බවයි ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ඩී.එම්.ආර්.බී. දිසානායක සඳහන් කළේ. ඒ පිළිබඳව සංවිධායක මණ්ඩලයට සී.වී. විග්නේෂ්වරන් විසින් දන්වා ඇති බවත් පැවසුවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සමාප්ති උළෙල පැවැත්වෙන අතර විශේෂ ආරාධිත අමුත්තා ලෙස විපක්ෂ නායක ආර්. සම්බන්ධන් එක් වීමට නියමිතයි.