Saturday, January 11, 2025

General line - 0115112241

“පොලිස්පති හොඳයි හැබැයි තාම හාල්මැස්සෝ විතරයි”




මහා පරිමාන වංචාවලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය කඩිනමින් ක‍්‍රියාත්මක විය යුතු බව අමාත්‍ය පී. හැරිසන් පවසනවා.

අනුරාධපුරයේ පැවති උත්සවයක් අමතමින් ඔහු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන මහා පරිමාණ වංචාකරුවන්ට එරෙහිව ක‍්‍රියාත්මක කරන ලෙසයි.

එහිදී හෙතෙම පැවසුවේ “තෝරු මෝරු ඔක්කොම ඉද්දි සී.අයි.ඩී එකයි එෆ්.සී.අයි.ඩී එකයි අල්ලන්නෙම හාල්මැස්සෝ, කූනිස්සෝ, සාලයෝ වගේ උන්. අනිත් එවුන් ගැන වගේ වගක් නෑ.. පයිප්පයක් හොකරම් කළා කියලා..එහෙම නැත්තම් කාටහරි කෑම පාර්සලයක් දුන්නයි කියලා..තමයි අල්ලන්නේ. හොඳ පොලිස්පතිවරයෙක් ඉන්නෙ.. ඒත් අපිට තාම එහෙම වගක් පේන්න නැහැ.” යනුවෙනි.