Sunday, January 12, 2025

General line - 0115112241

“එළුග තමිල්” පුළුල් කෙරේ




එළුග තමිල් විරෝධතා වැඩසටහන ඉදිරියේ දී විදේශීය රටවල් තුළ ද පැවැත්වීමට කටයුතු කරන බව ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂ නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් පවසනවා.

කැනඩාව ඇතුළු විදේශ රටවල වෙසෙන දෙමළ ජනතාව සමග එක්ව එම විරෝධතා සංවිධාන කරන බවයි සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් සඳහන් කළේ. එළුග තමිල් විරෝධතාවට එරෙහිව දකුණේ නායකයින් උතුරට පැමිණ විරෝධතා දැක්වීම සුදුසු ක‍්‍රියාවක් නොවන බව ද ඔහු පෙන්වා දුන්නා.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් වව්නියාවේ පැවති එම විරෝධතාවට බොදුබල සේනා, රාවණා බලය වැනි සංවිධාන එක්ව සිටියා. එම සංවිධාන සැමදා දෙමළ ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් විරුද්ධව අදහස් ඉදිරිපත් කළ බවයි සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් පැවසුවේ.

දෙමළ ජනතාවගේ සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටි බැවින් අදාළ ඉල්ලීම් තුළ කිසිඳු ආකාරයක වැරැද්දක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.