Saturday, November 16, 2024

General line - 0115112241

ලෙඩා බලන්න පරක්කු වුණා කියා දොස්තරට ගහලා




තුවාලකරුවෙක් රැගෙන රෝහලකට පැමිණි පිරිසක් වෛද්‍යවරයෙකුට පහරදී තිබෙනවා.

පහරදීමට හේතු වී ඇත්තේ වෛද්‍යවරයා සිය නිල නිවසේ සිට රෝහල වෙත පැමිණීම ප‍්‍රමාද වීම බවයි පැවසෙන්නේ.

ඊයේ (01) රාත්‍රියේ ත‍්‍රීකුණාමලය පදවි ශ‍්‍රී පුර ප‍්‍රාදේශීය රෝහලේ කාර්යභාර වෛද්‍යවරයාට මෙලෙස කිසියම් පිරිසක් පහරදී ඇති අතර පහර කෑමට ලක් වූ වෛද්‍යවරයා රෝහල වසා දමා ප‍්‍රතිකාර සඳහා ත‍්‍රීකුණාමල මහ රෝහලට ඇතුළත් වී තිබෙනවා.

මේ හේතුවෙන් පදවි ශ‍්‍රී පුර රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලැබූ රෝගීන්ට පිටව යාමට සිදු වූ බව ද නෙත් නිව්ස් වාර්තාකරු සඳහන් කළා.