කල්පිටිය ඉලන්තඩිය ගොවි ධීවර ගම්මානයේ ඉදි කර ඇති සුළං බලාගාරයේ කණුවක (විදුලි උත්පාදක ස්ථම්බයක) තටුවක් ගැලවී ගොස් තිබෙනවා.
මෙම තටුව අද (02) අලුයම කඩා වැටී ඇතැයි ද මහ හඩක් නංවමින් එය කඩා වැටීමෙන් තමන් බියට පත්වූ බවද ගම්වැසියෝ පැවසුවා. මෙම තටුවක දිග 30 ක පමණ යුක්ත වනවා.
තටුව කඩා වැටීමෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදු වී නැති බවයි වාර්තා වෙන්නේ. කෙසේවෙතත් සුළං බලාගාරය හේතුවෙන් තමන් දැඩි අනතුරකට ලක්වීමට ඉඩ ඇතැයි ද එහි ශබ්දය මිනිසුන්ට පීඩාකාරී බවද ගම්වැසියන් පවසනවා.