Sunday, January 12, 2025

General line - 0115112241

ජනවාරියේ මහින්දට ඉහළ පුටුවක්




එළඹෙන ජනවාරි මාසය වනවිට රටේ දේශපාලන පරිවර්තනයක් සිදු වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම පවසනවා.

යටියන්තොට ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී හෙතෙම පැවසුවේ “අවුරුදු දෙකකටනෙ ගිවිසුම ගහලා තිබුණෙ. පාද යාත්‍රාවෙන් පස්සෙ ඒක අවුරුදු 05 කට දිගු කළා. අපි හිතන් හිටියෙ අවුරුදු දෙකකින් පස්සෙ ආණ්ඩුවක් ගන්න. දැන් අපිට කියන්නෙ අවුරුදු 05 ක් බලන් ඉන්න කියලද?. නෑ..අපි බලාගෙන ඉන්නෙ නැහැ. දැන් මහින්ද මහත්තයාගෙ අපල කාළේ ඉවරයි. ජනවාරි මාසේ වෙනකොට මහින්ද මහත්තයා මේ රටේ ඉහළම පුටුවට එනවා.” යනුවෙනි.