Sunday, January 12, 2025

General line - 0115112241

විවාදය කල් දාන්නැයි කතානායකට ලිපියක්




විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පත සහ ථේරවාදී කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත සම්බන්ධයෙන් ලබන 04 වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත විවාදය කල් දමන්නැයි ඒකාබද්ධ විපක්ෂය ඉල්ලීමක් කර තිබෙනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසුවේ කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් එම ඉල්ලීම සිදු කළ බවයි.

විවිධ පාර්ශ්වවලින් මතුවන විරෝධතා සැලකිල්ලට ගෙන එම පනත් කෙටුම්පත් සම්මත කර ගැනීම කල් දමන ලෙසයි අදාළ ලිපිය මගින් ඉල්ලා ඇත්තේ.