නීති විරෝධීව මෙරටට රැගෙන ආ රත්‍රං තොගයක් ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (02) පෙරවරුවේ ඩුබායි සිට මෙරටට පැමිණි කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා රත්‍රං ග්‍රෑම් 500 ක් පමණ අත්අඩංගුවට ගත් බවයි නෙත් නිව්ස් ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.
අත්අඩංගුවට ගත් රත්‍රං තොගය රාජසන්තක කර ඇති අතර සැකකාර කාන්තාවට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබෙනවා.
නියෝජ්‍ය රේගු අධිකාරී , කේ.ඒ.එස්.ඩබ්ලිව් කළුඅග්ගල , එම්.ජේ.යූ.ආර් ප්‍රනාන්දු හා පී.වී.එන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ අධීක්ෂන යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳවල පැවසුවේ.