සමස්ත ශූරතාව සුපුරුදු පරිදි බස්නාහිර පළාතට හිමිකර දෙමින් මෙවර 42 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙල යාපනය දොරේඅප්පා කී‍්‍රඩාංගණයේදී සාර්ථකව නිමාවට පත් වුණා.
බස්නාහිර පළාත රන් පදක්කම් 113ක් දිනා ගැනීමට සමත් වුණා. අනුශූරතාව රන් පදක්කම් 33 ක් දිනා ගත් දකුණු පළාත දිනා ගත්තා.
දක්ෂතම මලල කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ දුර පැනීම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් නැගෙනහිර පළාතේ මොහොමඞ් මික්රාන්.
වසර 24 පසු මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ ශී‍්‍ර ලංකා වාර්තාව බිඳ දැමූ දකුණු පළාතේ නිමාලි ලියනාරච්චි දක්ෂතම මලල කී‍්‍රඩිකාව ලෙස සම්මාන දිනා ගත්තා.
සමාප්ති උළෙල පැවැත්වුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.