Sunday, January 12, 2025

General line - 0115112241

අතුරුගිරියේදී පොලිසියට බෝම්බ ගැසූ සැකකරුගේ සුලමුල හෙළි වෙයි




අතුරුගිරිය ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරීන්ට අත් බෝම්බ ගැසූ සැකකරු පාතාල කල්ලි සාමාජිකයෙකු බව හෙළි කරගෙන තිබෙනවා.

අපරාධ රැසකට සම්බන්ධ බව කියන ‘‘අර්ජුන්’’ නමැති මෙම පාතාල කල්ලි සාමාජිකයා පොලිසියට අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළේ අද (02) දහවල් අතුරුගිරිය සීවලී මාවත ප‍්‍රදේශයේදීයි. ඒ, ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදීයි.

එහි දී පොලිස් නිලධාරීන්ට අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර සැකකරු පලා ගියා. ප

සුව පොලිසිය සැකකරුට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර ඇති අතර එහි දී ඔහු තුවාල ලැබූ බව ද පොලිසිය පැවසුවා.

අත්බෝම්බ ප‍්‍රහාරයෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැහැ. පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ක‍්‍රියාත්මකයි.