Sunday, January 12, 2025

General line - 0115112241

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමෙන් රටට සෙතක් නැහැ – ජානිපෙ




ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමෙන් රටට සෙතක් අත් නොවන බව ජාතික නිදහස් පෙරමුණ අද (02) ප‍්‍රකාශ කළා.

මේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක් වූ එහි මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල්.

“අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා නවසීලන්තයේදී ප්‍රකාශ කරලා තියෙනවා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන බව. ආණ්ඩුව හදන්නේ සම්පූර්ණයෙන්ම සංශෝදන වලට යන්නේ නැතුව මේ පනත මුළුමනින්ම අහෝසි කිරීම. මේකේ බරපතල කරුණු කාරණා ගණනාවක් තියෙනවා. එකක් තමයි මේ පනත යටතේ ත්‍රස්තවාදී සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. එතකොට මේ පනත ඉවත් කිරීම තුළ ඒ චෝදනාවට ලක්වූවන්ගේ චෝදනා විභාගයකින් තොරව ඔවුන් නිදහස්වීමට ඇති හැකියාව පිළිබඳව බරපතළ ප්‍රශ්ණයක් තිබෙනවා. අනාගතයේ හරි බෙදුම්වාදය යම් අවස්ථාවක ප්‍රචන්ඩ ස්වරූපයක් ගත්තොත් මේ පනත අහෝසි කරලා ගේන්ඩ හදන දුර්වල පනත් හරහා ඒ බෙදුම්වාදය පරාජයට පත්කරන්න ඊට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න අපිට තියෙන හැකියාව පිළිබඳ බරපතල ප්‍රශ්නාර්තයක් මතුවෙනවා”.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට ආණ්ඩුව සූදානම් වන්නේ අමෙරිකාව ප‍්‍රමුඛ ජාත්‍යන්තරය මෙන්ම දෙමළ ඩයස්පෝරාව ද සතුටු කිරීමට බව මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.