දුම්වැටි තොග සඟවන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා. ඒ,
තොටලග ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
දුම්කොල පනත සම්බන්ධයෙන් එකම මතයක සිටින බවත් දුම්පානය ලංකාව තුළ සම්පූර්ණයෙන්ම අඩුකර නැතිකිරීමට අවශ්‍ය බවත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යන බවත් අමාත්‍ය වරයා පැවසුවා.
දුම්වැටියක මිල ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කිරීමත් සමග වෙළඳපොලේ මේ වනවිට දුම්වැටි හිගයක් මතුව ඇතැයි නෙත් නිව්ස් වෙත වාර්තා වුණා.