Saturday, January 11, 2025

General line - 0115112241

රුසියාවේ ගෙන් වූ පිළිකා ඖෂධවල ගැටළුවක් නොමැති බවට සහතිකයක්




රුසියාවෙන් ශ‍්‍රී ලංකාවට ගෙන්වා ඇති පිළිකා රෝග සඳහා ලබාදෙන ඖෂධ සම්බන්ධයෙන් කිසිඳු ගැටළුකාරී තත්ත්වයක් නොමැති බව පිළිකා රෝහලේ හිටපු විශේෂඥ වෛද්‍යවරයෙකු වන ජයන්ත බලවර්ධන පවසනවා.

එලෙස ආනයනය කර ඇති ඖෂධ බෝහෝමයක් ප‍්‍රමිතියෙන් තොර බවට බොහෝ පාර්ශව චෝදනා කළා.

ඖෂධ ආනයනය කරන සමාගම් කිහිපයක් ද ඒ අතර වුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසුමක දී පිළිකා රෝහලේ හිටපු විශේෂඥ වෛද්‍යවරයෙකු වන ජයන්ත බලවර්ධන සඳහන් කළේ එම චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවයි.

“ඔතන තියෙන්නේ ප්‍රශ්ණය වෛද්‍යවරු දෙගොල්ලක් අතර. දැන් ඖෂධ නියාමන අධිකාරී ඉන්නවා විශේෂඥ වෛද්‍යවරයෙක් , මහාචාර්යවරයෙක් හසිත ද සිල්වා කියලා. හසිත කියන්නේ ඖෂධ පිළිබඳව ඉතාම හසල පළපුරුද්දක් තිබෙන ඒ සම්බන්ධව බලධාරියා. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම විෂ්ලේෂනය කරලා අපිට බෙහෙතක් ගෙනාවට පස්සේ මම හිතන්නේ අපිට කිසිම සාධාරණිය කරන්න පුළුවන් කියලා ඒ බෙහෙත හොඳනැහැ කියලා. මොකද ගෙනාවේ කොහොමද ? අවුරුදු කාල සීමාව ඒවා අපිට අවශ්‍ය ප්‍රශ්ණ නෙමෙයි. නමුත් ඖෂධ නියාමන අධිකාරීයේ මහාචාර්යවරයා තමයි ලංකාවේ බලධාරියා එයා කියනවා මේ බෙහෙත හොඳයි කියලා.මම හිතන්නේ අපිට එතනින් එහාට ප්‍රශ්ණයක් නැහැ. බෙහෙත හොඳයි කියන්නේ සම්පූර්ණ වගකීම භාර අරගෙන”.

එලෙස ආනයනය කර ඇති ඖෂධ තමන් රෝගීන් සඳහා නිර්දේශ කර ඇති බවත් එහි දී කිසිදු ගැටළුවක් ඇති වී නොමැති බවත් ඔහු සඳහන් කළා.

වෛද්‍යවරු රැසක් මෙම ඖෂධ මේ වනවිටත් රෝගීන් සඳහා නිර්දේශ කර ඇති බවයි ඔහු අවධාරණය කළේ.