Saturday, January 11, 2025

General line - 0115112241

උතුරේ ජාතිවාදය ගැන හිටපු ජනපතිගෙන් ආණ්ඩුවට චෝදනා (VIDEO)




ජාතිවාදය අවුස්සා රටේ සංවර්ධනය අමතක කරවීමට වත්මන් ආණ්ඩුව උත්සහ දරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ උතුරේ සංවර්ධන ව්‍යාපෘතීන් කිසිවක් ක‍්‍රියාත්මක නොවන බැවින් ප‍්‍රධාන අමාත්‍යවරයා හරහා ජාතිවාදය අවුස්සා ජනතාව නොමග යැවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.

මාතර වැලිගම ප‍්‍රදේශයේ ඊයේ (02) පස්වරුවේ පැවති ජන හමුවකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප‍්‍රකාශ කළා.

තම පාලන කාලයේ ආරම්භ කෙරුණු සංවර්ධන ව්‍යාපෘතීන් මේ වනවිට සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපතිවරයා අදහස් පළ කළා.

හිටපු ජනාධිපතිවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින් බලන්න

mahinda-in-weligama-1 mahinda-in-weligama-2 mahinda-in-weligama-3 mahinda-in-weligama-4 mahinda-in-weligama-5 mahinda-in-weligama-6 mahinda-in-weligama-7 mahinda-in-weligama-8 mahinda-in-weligama-9 mahinda-in-weligama-10 mahinda-in-weligama-11mahinda-in-weligama-13 mahinda-in-weligama-14

mahinda-in-weligama-12 mahinda-in-weligama-15 mahinda-in-weligama-16 mahinda-in-weligama-17 mahinda-in-weligama-18