Saturday, January 11, 2025

General line - 0115112241

අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගෙන් අල්ලස් කොමිසම ප‍්‍රශ්න කරයි




අභියාචනාධිකරණ විනිසුරු ඒ. එච්. එම්. ඞී. නවාස්ගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව ප‍්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. ඒ, නීතිපති දෙපාර්තමේන්තුව කරන ලද පැමිණිල්ලකට අනුවයි.

අදාළ ප‍්‍රකාශය ලබාගෙන ඇත්තේ විනිසුරුවරයා නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටිය දී ඔහු භාරයේ පැවති ලිපි ගොනුවක් සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳවයි.

එමෙන්ම එවකට විනිසුරු ඒ. එච්. එම්. ඞී. නවාස් යටතේ සේවය කළ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරුන් කිහිප දෙනෙකුගෙන් ද අල්ලස් කොමිසම ප‍්‍රකාශ ලබාගෙන තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ දී ඒ. එච්. එම්. ඩී. නවාස් අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස පත් කෙරුණා.