නෙත් නිව්ස් සංවිධාන කළ යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ තවත් අදියරක් බියගම මධ්‍ය මහා විද්‍යාලයේ දී ඊයේ (02) නිමාවට පත් වුණා.
දින 3ක් පුරා පැවති යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනට එම විද්‍යාලයේ ඉහළ ශ්‍රේණිවල දරුවන් සඳහා වූ දේශණයක් , දෙදින පුහුණු කඳවුරක් සහ දරුවන්ගේ මව්පියන් සඳහා වූ විශේෂ වැඩසටහනක්ද පැවැත්වුණා.
මෙම වැඩසටහනින් ලබාගත් අත්දැකීම් පිළිබඳව දරුවන් මෙලෙස අදහස් දැක්වූවා.
යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන කඳවුර තුළදී ඊයේ (02) දිනයේ දරුවන් දෙදෙනෙකුගේ උපන්දිනද සමරනු ලැබුවා.
දෙදින කඳවුරට සහභාගී වූ සිසු සිසුවියන් අතරින් කුසපත් ඇදීමෙන් තෝරාගත් අයෙකුට ටැබ් වර්ගයේ පරිගණයක් ත්‍යාග වශයෙන් ලබා දීම ද මෙහි දී සිදු කෙරුණා.
එම ටැබ් වර්ගයේ පරිගණකය දිනාගත් කේ. එල්. උවිනා කාවින්දි ශිෂ්‍යාව නෙත් නිව්ස් වෙත මෙලෙස අදහස් දැක්වූවා.