Saturday, January 11, 2025

General line - 0115112241

පොලිසියට බෝම්බ ගැසූ පාතාලයේ අර්ජුන් සොයා පොලිස් විමර්ශන




අතුරුගිරිය ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරීන්ට අත් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර පලා ගිය අර්ජුන් නමැති පාතාල කල්ලි සාමාජිකයා සොයා තවදුරටත් පොලිස් විමර්ශන ක‍්‍රියාත්මකයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පත් කර ඇති බවයි.

අදාළ පාතාල කල්ලි සාමාජිකයා කොල්ලකෑම් රැසකට ද සම්බන්ධ අයෙක්. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඊයේ මෙහෙයුමක් සිදු කළා.

එහි දී එම සැකකරු පොලිස් නිලධාරීන්ට අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර පලා ගොස් තිබුණා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී පොලිසිය සැකකරුට වෙඩි තබා ඇති අතර ඉන් ඔහු තුවාල ලබා ඇති බවටයි සැක කෙරෙන්නේ.