Saturday, January 11, 2025

General line - 0115112241

විග්නේෂ්වරන් ජාතිවාදියෙකු නොවේ – මහින්ද




උතුරු පළාතේ මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් ජාතිවාදියකු යැයි තමා විශ්වාස නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

“මම දන්න මහ ඇමතිතුමා නම් මම හිතන්නේ නැහැ ජාතිවාදියෙක් කියලා. ඔහු කරන්නේ දේශපාලනය. ළමයින්ට රස්සාවක් දීලා තියෙනවද?. ඒවාට උත්තර නැහැ. ඉතින් මිනිසුන්ට ප්‍රශ්න අමතක කරවන්න ජාතිවාදය හරි මොනවහරි අටවගෙන.” යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ සඳහන් කර තිබෙනවා.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවත් තමන් විරුද්ධ දේශපාලනික වශයෙන් රජය අධිකරණයට ඇඟිලි ගසා ඔවුන් නිදහස් කිරීම පිළිබඳව පමණක් බවත් හෙතෙම පැවසුවා.

තමන් බලයේ සිටියදී දෙමළ සිරකරුවන් පුනරුත්තාපනය කර නිදහස් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ ඔවුන් උසාවියට ඉදිරිපත් කරන ලෙස ඔවුන්ගේ නීතිවේදීන් ඉල්ලීම් කළ බවත් හිටපු ජනාධිපතිවරයා  මාධ්‍යවේදීන් අමතමින් පැවසුවා.

ඒ අනුව ඔවුන් උසාවියට ඉදිරිපත් කළ බවත් එසේ නොකළේ නම් එම සිරකරුවන්ද මේ වන විට නිදහස්ව සිටීමට ඉඩ තිබුණු බවත් පෙන්වා දුන්නා.

“ආණ්ඩුව හමුදාව ඉවත් කරනවා කියනවා. මම දන්නේ නැහැ කොච්චර ඉවත් කරලද කියලා. හැබැයි මම කියන්නෙ එක දෙමළ අනාථ කඳවුරක් වහල තියෙනවද?… නැහැ, ඒකෙන් පෙන්නේ ආණ්ඩුව දෙමළ ජනතාව ගැන හිතන්නේ නැහැ, දේශපාලනය ගැන විතරයි හිතන්නේ.” යනුවෙන්ද සඳහන් කළා.