මිහින් ලංකා ගුවන් සමාගමේ කටයුතු ලබන ඔක්තෝම්බර් 31 වනදා සිට ශී්ර ලන්කන් ගුවන් සමාගම පවරා ගැනීමට නියමිතයි.
ඒ අනුව දැනට මිහින් ලංකා ගුවන් සමාගම විසින් පවත්වාගෙන යනු ලබන ගුවන් ගමන් සියල්ල ශී්ර ලන්කන් ගුවන් සමාගම ඔස්සේ සිදුකරනු ඇති.
මේ වනවිට මිහින් ලංකා ගුවන් සේවය විසින් බහරේන්, ඩකා, මදුරෙයි, මස්කට්, මාලේ, සීසෙල්ස්, බුද්ධගයා ඇතුළු ගමනාන්ත වෙත සිය ගුවන් ගමන් මෙහෙයවනු ලබනවා.
සමාගම සතු ගුවන් යානාවල මෙහෙයුම් ද මින් ඉදිරියට ශී්ර ලන්කන් ගුවන් සමාගමේ පරිපාලනය යටතේ සිදුකරනු ඇති.