වනඅලියෙකු කළ පහරදීමකින් පොළොන්නරුව, කදුරුවෙල ප්රදේශයේ පදිංචි කාන්තාවක් අද (04) උදැසන ජීවිතක්ෂයට පත් වුණා.
ඇයගේ වයස අවුරුදු 64 ක්. වනඅලි ප්රහාරය එල්ල වී ඇත්තේ ඇය සිය නිවස ආසන්නයේ සිටියදීයි.
පසුව මෙම වනඅලියා කදුරුවෙල නගරයේ පිහිටි පාසලක තාප්පයකටද පහරදී ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.
දිවුලාන රක්ෂිතයේ සිට පැමිණ ඇතැයි කියන මෙම වනඅලියා පසුව පොළොන්නරුව ගල්ලෑල්ල රක්ෂිතයට පලාගොස් තිබෙනවා.