Saturday, January 11, 2025

General line - 0115112241

ෆයිසර් මුස්තාපාට ආණ්ඩුවෙන් සහ විපක්ෂයෙන් එල්ල වූ ප්‍රහාරය (VIDEO)




ඌව පළාත් සභාව සතු ගිණුමක් එහි ප්‍රධාන අමාත්‍යවරයා සිය පෞද්ගලික පරිහරනයට ලබාගෙන ඇත්දැයි අද (04) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි වාග් ප්‍රහාරවලට ලක් වුණා.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් පළාත් සභාවේ ගිණුමක මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වන අදාළ ප්‍රශ්නය ඉදිරිපත් කළේ එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි විසින්.

මන්ත්‍රීවරයා විසින් සිය පළමු ප්‍රශ්නය විශය භාර අමාත්‍යවරයාගෙන් විමසූ විට ඊට පිළිතුරු දුන් ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා අදාළ ප්‍රශ්නය තුළ පෞද්ගලික කාරණාද ඇතුළත් බව ප්‍රකාශ කිරීමත් සමග එම උණුසුම් තත්ත්වය ඇති වුණා.

එහිදී මුලින්ම නැගී සිටි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් කියා සිටියේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න ඇසීමේ අයිතිය ආරක්ෂා විය යුතු අතර අමාත්‍යවරුන් සියලු දෙනා ඒවාට පිළිතුරු දීමට බැඳි සිටිය යුතු බවයි. විපක්ෂය නියෝජනය කරන අනුර දිසානායක, දිනේෂ් ගුණවර්ධන සහ විමල් විරවංශ යන මන්ත්‍රීවරුන්ද දැඩිව සිය අදහස් පළ කළ විට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා පත් වූ තත්ත්වය පහත වීඩියෝවෙන් දැක්වෙයි.

(වීඩියෝව පහතින් දැක්වෙයි)

lastscan01