ආණ්ඩු වෙනස් වුවද මුලතිව් දිස්ත‍්‍රික්කයේ පිහිටි හමුදා කඳවුරු තවමත් වෙනස් වී නොමැති බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසනවා.
ඉකුත් දා අභාවප‍්‍රාප්ත වූ උතුරු පළාත් උප සභාපති ඇන්ටන් ජෙගනාදන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මුලතිව් දිස්ත‍්‍රික්කයට පැමිණි අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.
මුලතිව් සිවිල් වැසියන්ගේ ඉඩම් තුළ පිහිටි ආරක්ෂක අංශවල කඳවුරු තවමත් එම ඉඩම්වලම පිහිටා තිබෙන බවයි ආර්. සම්බන්ධන් මෙහිදී කියා සිටියේ.
යුද්ධයෙන් වැඩි වශයෙන් පීඩාවට පත් මුලතිව් දිස්ත‍්‍රික්කයේ ජනතාවගේ ගැටලුවලට කඩිනමින් පිළිතුරු ලබාදිය යුතු බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.