Saturday, January 11, 2025

General line - 0115112241

ශිෂ්‍යත්වය ලියූ හැමෝම ලකුණු 100ට වැඩිය ගත් පුංචි පාසලේ සමතුන් 03ක්




1952 දරුවන් 15 දෙනෙකුගෙන් පටන් ගත්ත දුප්පත් පාසල ඉතිහාසයේ ප‍්‍රථම වතාවට මෙවර ශිෂ්‍යත්වය ලියු දරුවන් 8 දෙනාගෙන් තිදෙනෙක් විභාගය පාස් වි ඉතිරි සියලූ දෙනා ද ලකුණු 100 ට වඩා ලබා ගැනිමේ පුවතක් මාවනැල්ල කලාපයෙන් වාර්තා වනවා.

මෙ පාසල කෑ/මාව අල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයයි. පාසල ආරම්භ විමෙන් පසුව විවිධ වසරවල් වල ළමුන් ශිෂ්‍යත්වයට පෙනි සිටියත් මෙතෙක් පාසලේ කිසිම දරුවෙකු 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ නියමිත ලකුණු ගනිමින් විභාගය සමත් වි නැත.

නමුත් 2016 වසරේ දි ලකුණු 181 ලබා ගත් ඉමාෂා උත්තරි ඇල්ලියද්ද දැරියත්, 167 ලබා ගත් ඩබ්ලිව්. පී. අශානි ශානිකා රාජමන්ත‍්‍රී සහ 166 ක් ලබා ගත් පබසරා හේෂානි විජේකොන් මෙවර විභාගය සමත් වි පාසල ප‍්‍රදේශයේ කීර්තිමත් පාසලක් පත් කිරිමට සමත්ව තිබෙනවා.

image image-01