උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් අත්අඩංගුවට ගන්නැයි පොලීසියට බලකරමින් අද (05) පස්වරුවේ කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත් වුණා. අද පස්වරුවේ පැවති උද්ඝෝෂණය සදහා භික්ෂූන් වහන්සේ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
මේ අතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්ගේ ඉල්ලීම් වෙනසක් නැතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ අද ප්‍රකාශ කළා.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.