පුද්ගල ඝාතන 3කට සම්බන්ධ සැකකරුවෙකු නවගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ මාදම්පේ ප්‍රදේශයේ පදිංචි සුමුදු ප්‍රියංකර ද සිල්වා නමැත්තෙක්.
ඉකුත් අපේ‍්‍රල් මස 11 වෙනිදා ඌරගහ ප්‍රදේශයේදී 45 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීම, ජූලි 18 වෙනිදා අම්බලන්ගොඩ ප්‍රදේශයේ 49 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සහ වැලිපැන්න ප්‍රදේශයේදී 37 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ල වී තිබෙනවා.
ඊට අමතරව තවත් පුද්ගලයින් තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීම සම්බන්ධයෙන් ද සැකකරුට චෝදනා එල්ල වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.