සමුපකාර ඡන්දයේ ප්‍රතිඵල මත සාමාන්‍ය මැතිවරණයක ප්‍රතිඵල සම්බන්ධයෙන් අනාවැකි කිව නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් තිගැස්සෙන ආකාරයේ ප්‍රකාශ කිහිපයක් පසුගිය දිනවල සිදුකර ඇති බවද ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
මේ අතර ඒකාබද්ධ විපක්ෂය රත්නපුරයේ පවත්වන රැළියට සීවලී ක්‍රීඩාංගණය ලබානොදුන් බවට පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය සිදුකළ ප්‍රකාශය බොරුවක් බව අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න පැවසුවා.