Saturday, January 11, 2025

General line - 0115112241

වැට් පෙත්සම් සලකා බලන්න දින නියම කරයි




පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොණුකර ඇති විශේෂ පෙත්සම් ඔක්තෝම්බර් මස 17 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10), දින නියම කළා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන ඇතුළු සිව් දෙනෙකු අදාළ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 4 ක් ගොණුකර තිබෙනවා.

මේ අතර වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප‍්‍රකාශ කරන ලෙස ඉල්ලා නීතිඥ සංජීව කළුආරච්චි අද විශේෂ පෙත්සම් දෙකක් ගොණු කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.